බුද්ධිජ කන්ස්ට්‍රක්ෂන්ස්

අප ගැන

බුද්ධිජ කන්ස්ට්‍රක්ෂන්ස් යනු තවත් එක් ආයතනයක් පමණක්ම නොවේ. වසර 20ක් පුරාවට අප රටේ ජනතාව වෙනුවෙන් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සේවාවන්, පරිසර හිතකාමී සේවාවන් සහ කාබනික භෝග වගාවන් සම්බන්ධ සේවාවන් රැසක් අපි ලබා දුන්නෙමු. අපගේ සෑම සේවාවකදීම අපේ රටේ පරිසරය රැකීමටත් අපේ ජනතාවට හොඳම දේ ලබා දීමත් අපි අරමුණ කර ගත්තෙමු. එසේම ඒ අරමුණ පෙරදැරිකොට ගෙන අපි අදත් හෙටත් ඉදිරියටත් අපගේ සේවාවන් ඔබට ලබා දෙන බවට පොරොන්දු වන්නෙමු.

අපගේ දැක්ම වන්නේ, 

අප ජලය මුහුදට නොයවා 2030 වන විට පරිසර හිතකාමී ක්‍රමයක් තුලින් පරිසරය ආරක්‍ෂා කිරීමට වැඩකටයුතු කිරීම.

අපගේ මෙහෙය වන්නේ, 

ලෝකයේ කිසිවෙකු යොමු නොවූ පරිසර හිතකාමී වැසිකිළි වල නිර්මාණය කර එහි ප්‍රමුඛයා ලෙස කටයුතු කිරීම.

අපගේ සේවාවන්

අපගේ පරිසරය රකින නව නිපැයුමක් වන පරිසර හිතකාමී පරවැව වැසිකිලි වල නිමවූ දින සිටම රට පුරාම සහ ලොව පුරාම විවධ අංශයන් ඔස්සේ, විවිධ සම්මාන උළෙලවල්වලදී මෙන්ම බලවත් සහ උසස් පුද්ගලයින් මගින් ඇගයුමට සහ සම්මානයට පාත්‍ර විය. එයට ප්‍රධාන හේතුව වූයේ අපගේ මෙම නිපැයුමේ ඇති සුවිශේෂිතාවන්ය. අපගේ සේවාලාභීන්ගේ අදහස් කිහිපයක් ,

housebuilding, site, construction work-3370969.jpg

ගොඩනැගිලි ඉදිකිරීම්

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම ප්‍රමාණයක හා ඕනෑම සැලසුමක් සහිත ගොඩනැගිලි ඉදිකිරීමට අපි සූදානම්. ඔබේ අයවැයට සරිලන පරිදි ඔබේ ඉදිකිරීම් වට්ටම් මිල ගණන් යටතේ කළ හැකිය. නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මෙන්ම පවතින ගොඩනැගිල්ලකට නව කොටසක් ඉදිකිරීමට ඔබට අපගේ සේවාව භාවිතා කළ හැකිය.

ප්‍රවාහන සේවය (ගොඩනැගිලි ද්‍රව්‍ය)

ගොඩනැගිලි ඉවත් කිරීමේදී, අපි ද්‍රව්‍ය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ප්‍රවාහනය කරන්නෙමු. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය දැරිය හැකි මිලකට ප්‍රවාහනය කිරීමට ද ඔබට අපව ලබා ගත හැකිය.

කාබනික වගාවන්

අපේ රටේ ජනතාවට නිරෝගී ආහාර භෝග ලබා දීම වෙනුවෙන්ම අපි විසින් කාබනික භෝග වගාවන් සිදු කිරීමද කරයි. ඔබත් කාබනික භෝග වගාවන් පිළිබඳ සිතන්නේ නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ දැනුම ලබා දීමට අපගේ පළපුරුදු කණ්ඩායම සූදානම්.

පරිසර හිතකාමී ව්‍යාපෘතීන්

අපගේ දැක්ම අනුව යමින් පරිසර හිතකාමී ව්‍යාපෘතීන් සඳහාද අපි විසින් සේවාවන් ලබා දෙනු ලැබේ. ඒ යටතේ, විශාල ගස් එක් තැනකින් ගලවා තවත් තැනක පැල කිරීම අපි විසින් කරනු ලැබේ. එසේම උද්‍යාන අලංකරණය සහ භුමි අලංකරණයද අප ලබා දෙන සේවාවන් අතරින් තවත් සුවිශේෂී සේවාවකි. ඔබට අවශ්‍ය පරිදි ඉඩකඩට ගැළපෙන ලෙස අපි විසින් භූමිය සහ උද්‍යානය අලංකරණය කරන අතර පරිසරයේ ශක්තින් ලැබෙන පරිදි මෙය නිර්මාණය කිරීමටද අපි වග බලා ගන්නෙමු.

පරවැව

"පරවැව" යනු පරිසරය රකින නව නිපැයුමක් වන පරිසර හිතකාමී වැසිකිලි වලකි. මෙහිදී යොදා ගන්නා ස්වායු දිරාපත් වීමේ ක්‍රමය මගින් ක්‍ෂුද්‍ර ජීවින් ඔක්සිජන් ලබාගෙන අපද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ සැහැල්ලු අණු බවට පත් කිරීමයි. "පරවැව" සඳහා 2018 වසරේදී පරිසර හිතකාමී නව නිපැයුම් සඳහා ලබාදෙන ජනාධිපති සම්මාන උළෙලේදී ප්‍රථම ස්ථානය හිමි විය. තවද මෙම උසස් තාක්‍ෂණය සඳහා පේටන්ට් බලපත්‍රයද හිමිය.

Our Expert Team

ධර්මකීර්ති මාන්නගේ

කළමණාකාර අධ්‍යක්ෂ / සභාපති

ඉන්ද්‍ර සෝමතිලක

ව්‍යාපෘති ඉංජිනේරු

ජයතිස්ස පල්ලෙආරච්චි

කළමනාකරු අලෙවි ප්‍රවර්ධන

අපි ක්‍ෂේත්‍රයේ හොඳම සේවය සපයන්නෙමු